රුසියානු තෙල් ආනයනය අවම කිරීමට පියවර ගත් ජපානය


ජපානයේ රුසියාවෙන් තෙල් ආනයනය කිරීම නවතා දමයි

.

ජපානය විසින් ඈත පෙරදිග තෙල් හා ගෑස් ව්‍යාපෘති සඳහා සිය අවශ්‍යතා පවත්වා ගනිමින් රුසියාවෙන් තෙල් ආනයනය කිරීම ක්‍රමයෙන් නතර කිරීමට පියවර ගෙන ඇති බව අගමැති Fumio Kishida සඳුදා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

 

යුක්‍රේනයේ යුද්ධයට ප්‍රතිචාර වශයෙන් රුසියාව මත යැපීම අඩු කිරීම හා ජපාන ජනතාවගේ ජීවන වියදම් පීඩනය සමනය කිරීමේ අවශ්‍යතාවය   තුලනය කර ගැනීම අත්‍යාවශ්‍ය බැවින් ජපානය ක්‍රමයෙන් මෙම පියවර ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් වේ. 

 

"මෙය ඉතා දුෂ්කර තීරණයක්, නමුත් G-7 හි එකමුතුකම දැන් වඩාත් වැදගත් වේ" යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්‌වමින් Kishida ටෝකියෝහිදී ප්‍රකාශ කළේය .

 

82 Views

Comments