මුල් මුද්‍රණ තාක්ෂණය සොයා යන විට බටහිර ජපානයෙන් හමුවූ විශාල ලිපි පෙළ


තෝමස් අල්වා එඩිසන් යොදාගත් මුද්‍රණ තාක්ෂණයට සමාන තාක්ෂණයකින් මුද්‍රණය කළ ලිපි පෙළක් හමුවෙයි

.

ඇමරිකාවේ නව නිපැයුම්කරුවෙකු වූ Thomas Edison ගේ මුල් මුද්‍රණ තාක්ෂණයට සමාන තාක්ෂණයක් යොදා ගනිමින් ජපානය තුළ නිර්මාණය කරන ලද මුද්‍රණ යන්ත්‍රය සොයාගැනීමට දායක වූ ජපන් පියෙකු සහ පුතෙකු වෙනුවෙන් ලියන ලද විශාල ප්‍රමාණයේ ලිපි පෙලක් බටහිර ජපානයේ Shiga ප්‍රාන්තයේ Higashiomi හි පැරණි නිවසක් තුළ තිබීයදී හමුවූ බව නගර රජය ජුනි 27 දින නිවේදනය කළේය. 

 

මෙම නිවස Shinjiro Horii Jr. ගේ පවුලේ අයට අයත්ව තිබූවක් වන අතර නිවසේ Gariban Densho-kan ශාලාවේ තිබී 21-28  Cm ප්‍රමාණයේ කාඩ්බෝඩ් මත අමුණා තිබූ ලිපිය සහ ලියුම් කවරය මෙලෙස හමුවී තිබේ 1922 වසරේදී Shinjiro Horii Jr. වෙත ලිපියක් යොමු කරමින් Edison පවසා ඇත්තේ " ඔහුගේ 75 වැනි උපන්දිනයට සුබ පැතීම පිළිබඳව ජපන් නව නිපැයුම්කරුට ස්තුතිවන්ත වන බවයි ."

 

මෙහි ස්තුති කිරිමේ පෙලට පසුව Edison විසින් අතින් ලියන ලද අත්සනක් ද යොදා ඇති අයුරු දක්නට ලැබේ . මෙවැනි ලිපි සොයාගැනීමෙන් රටවල් දෙකක වාසය කළ ද මෙම නව නිපැයුම්කරුවන් දෙදෙනා අතර පෞද්ගලික සබඳතා පවතින්නට ඇති බව තහවුරු වන බව නගර බලධාරීන් ප්‍රකාශ කළේය. 

 

මෙම ලිපි වලට අමතරව Edison ගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරමින් එවන ලද ශෝකය ප්‍රකාශ කරන ලද විදුලි පණිවුඩයක් ඇතුළු පණිවිඩ පිටපත් හතරක් ද Edison ගේ නිවසින් එවන ලද ස්තුති පණිවිඩයක් ඇතුළු තවත් ලිපි තුනක් ද සොයා ගැනීමට හැකිවූ බව වාර්තා වේ.

144 Views

Comments