ජපාන සංචාරයට  සැරසෙන එක්සත් ජනපදයේ භාණ්ඩාගාර ලේකම් තුමිය


එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් තුමිය ජපානයේ සංචාරයකට සැරසෙයි

.

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයට එරෙහිව මේ වනවිට Moscow වෙත පනවා ඇති සම්බාධක පිළිබඳව සිය ජපන් සහකරු වන Shunichi Suzuki සමග ප්‍රමාණාත්මක ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම සඳහා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් Janet Yellen ජූලි 12  දින ජපානයට පැමිණීමට නියමිත බව භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් අඟහරුවාදා දින නිවේදනය කර තිබේ. 

 

බලශක්ති මිල අඛණ්‌ඩව ඉහළ යාම , වර්ධනය වෙමින් පවතින ආහාර අනාරක්ෂිතභාවය මෙන්ම ශක්තිමත් සහ වඩා ඔරොත්තු දෙන සැපයුම් දාමයන් ගොඩනැගීම යන කරුණු කෙරෙහි නායකයින් දෙදෙනා සිය අවධානයන් යොමු කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. 

 

'යෙන්' හි අගය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව වසර 24 ක අවම මට්ටමකට ඇද වැටීමත් සමඟ Yellen ගේ මෙම සංචාරය සිදුවන අතර දෙදින නිල ජපන් සංචාරයෙන් අනතුරුව ඇය ජූලි 15 සිට 16 දක්වා ඉන්දුනීසියාවේ Bali හිදී පැවැත්වෙන මුදල් අමාත්‍යවරුන් සහ මහ බැංකු අධිපතිවරුන් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් රැස්වීමට සහභාගී වීමට නියමිතව තිබේ.

138 Views

Comments