දුර්වල තත්වයක සිටි දෙහැවිරිදි දැරිය අතහැර දමා ගිය යුවලක් අත්අඩංගුවට ගැනේ


දැරියක් තනිව නිවසක අතහැර දමා ගිය යුවලක් අත්අඩංගුවට ගනියි

.

Osaka ප්‍රාන්තයේ Tondabayashi නගරයේ පිහිටා ඇති මහල් නිවසයක් තුළ දෙහැවිරිදි දැරියක් තනිවම දමා යාම සහ ඇය සෞඛ්‍යමය වශයෙන් දුර්වලව සිටියදී අවධානය යොමු නොකිරීම නිසා ඇය නිවාසේදීම මිය යාම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි දැරියගේ භාරකරුවන් ලෙස කටයුතු කළ යුවලක් Osaka ප්‍රාන්ත පොලීසිය විසින් ජුනි 30 වන දින අත්අඩංගුවට ගෙන තිබේ. 

 

ජූනි 29 වන දින සවස 5.20 ට පමණ නිවාස සංකීර්ණයේ වෙනත් නිවසක පදිංචිව සිටි 50 හැවිරිදි පුද්ගලයෙකුගෙන් "මෙහි හුස්ම නොගන්නා ගැහැණු ළමයෙක් සිටී" යනුවෙන් ප්‍රාදේශීය ගිනි නිවන ඒකකයට ලද හදිසි ඇමතුමකට අනුව නිලධාරීන් එම ස්ථානයට ළඟා වී ඇති නමුත් ඒ වනවිටත් Yuha Ono නම් දැරිය මියගොස් සිට ඇති බව සඳහන් වේ. 

 

ඇගේ මිත්තණිය වන 46 හැවිරිදි Mayumi Ono සහ ඇගේ සාමාන්‍ය සැමියා වන 50 හැවිරිදි Takanori Momo සමඟ දැරිය ජීවත්ව ඇති අතර දැරියගේ සිරුර අතිශයින්  කෘශව සහ දුර්වලව තිබූ බැවින් සහ ඇයගේ මුඛය අවට ලේ ගැලීමේ ලක්ෂණ කීපයක් දක්නට තිබූ බැවින් මරණයට හේතුව තීරණය කිරීම සඳහා මරණ පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා බව මේ සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් පොලීසිය පැවැසීය . 

 

ප්‍රාන්ත පොලිසියේ Tondabayashi පොලිස් ස්ථානයට අනුව, දැරිය ඇගේ ආච්චි, සීයා ඇතුළු තවත් සිව් දෙනෙකු සමඟ වාසය කර ඇති අතර ඇගේ දෙමාපියන් ඔවුන් සමග මහල් නිවාසයේ ජීවත් වී නොමැත.

124 Views

Comments