COVID-19 වෛරසයේ අඛණ්ඩ ව්‍යාප්තිය ආරම්භ වීමත් සමඟ වසර දෙකකට වැඩි කාලයක් පුරාවට අත්හිටුවා තිබූ ජපානයේ Chiba ප්‍රාන්තයේ Narita ගුවන්තොටුපල සහ චීනයේ අගනුවර Beijing ගුවන්තොටුපල අතර සෘජු ගුවන් ගමන් මෙහෙයුම් ජුලි 11 දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව All Nippon Airways සමාගම බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය .
කොමියුනිස්ට් පක්ෂය ප්රමුඛ චීන රජය විසින් විදේශ රටවල සිට පැමිණෙන සංචාරකයින් නිරෝධායනය කිරීම ඇතුළු "ශුන්‍ය-COVID" ප්‍රතිපත්තියක් මෙහිදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බැවින්, සතියකට එක් ගුවන් ගමනක් වන පරිදි සෑම සදුදා දිනකම එක් ගුවන් ගමන් වාරයක් ක්‍රියාත්මක කරන බව ANA පැවැසීය.
කෙසේ නමුත් චීනයේ දැඩි සීමාවන් යටතේ එක් මගියෙකු හෝ වෛරසය සඳහා ධනාත්මක බවට සොයා ගතහොත්, මෙලෙස ඇරඹෙන සෘජු ගුවන් ගමන් යළිත් වරක් නැවත අත්හිටුවනු ඇති බවට විශේෂඥයෝ මෙහිදී අදහස් පළ කළහ.