පසුගිය සිකුරාදා දින චීනය, ඉන්දියාව හා දකුණු කොරියාව ඇතුළු රාජ්‍යයන් තිස් හතරකට පිවිසීමට ජපන් වාසීන්ට පනවා තිබූ සංචාරක සීමා ලිහිල් කරන ලදී. පසුගිය corona සමයේ ජපාන රජය විසින් එම රාජ්‍යයන් වෙතට අත්‍යවශ්‍යම නොවන කටයුතු සඳහා පිසීමෙන් වළකින ලෙස ජපන් ජාතීන්ට සීමා පනවා තිබූ අතර මේ වන විට එම සීමාවන් ලිහිල් කරමින් තමන්ට රිසි පරිදි එම රාජ්‍යයන් වල සංචාරයේ යෙදීමට ජපාන ජාතිකයන්ට අවසර ලබාදී තිබේ.
තවද ජර්මනිය සහ ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් 11කට ද පනවා තිබූ සංචාරක සීමා ලිහිල් කර ඇති අතර එම රටවල සංචාරය කළ ද අවධානයෙන් පසුවන ලෙස රජය ජනතාවට දැනුම් දී තිබේ.