cathay pacific කලාපයට dollar  මිලියන ගණනක් අහිමි වෙයි


හොංකොං නගරයේ covid  19 පැතිරීම වළක්වා ලීමට ගුවන් ගමන් කප්පාදු කිරීම හේතුවෙන්  cathay pacific කලාපයට පෙබරවාරි

.

හොංකොං නගරයේ covid  19 පැතිරීම වළක්වා ලීමට ගුවන් ගමන් කප්පාදු කිරීම හේතුවෙන්  cathay pacific කලාපයට පෙබරවාරි මාසය තුළ  ඩොලර් මිලියන දෙසීයක පමණ අලාභයක් සිදුවීමට නියමිතව බව හොංකොං  ගුවන් සේවය වාර්තා කර ඇත.

 

වරක් ලොව විශාලතම ප්‍රවාහන හා සැපයුම් මධ්‍යස්ථානයක් වූ හොංකොං නගරය කොවිඩ් ආසාදිත ශූන්‍ය කලාපයක් කර ගැනීමට ලොවපුරා රටවල් අතරින් ඉතා දැඩි ම කොවිඩ්  සීමා පැන වූ  නගරයද වෙයි.

 

හොංකොං නගරය තුළ ප්‍රථම වරට  ඔමික්‍රෝන්  පැතිර යාමට හේතුවූ cathay pacific  කාර්ය මණ්ඩලයේ අබේකෝන් ආසාදිත සේවකයන් දෙදෙනා නිවාස නිරෝධායනය කඩ කිරීම හේතුවෙන් ගුවන් යානා කාරය මණ්ඩල නිරෝධායනය  තව  දුරටත් දැඩි කරන ලදී.

 

මෙම පියවරවල් හේතුවෙන් cathay pacific හරහා භාණ්ඩ ප්‍රවාහනය   20% කින් පහත බැස ඇති අතර මගී ප්‍රවාහනයද 2% කින් පහත බැස ඇති බව  එහි ප්‍රධාන විධායක නිලධාරී Augustus  Tang පසුගිය සදුදා  දින පැවසීය.

Comments