හොංකොං නගරයේ covid 19 පැතිරීම වළක්වා ලීමට ගුවන් ගමන් කප්පාදු කිරීම හේතුවෙන් cathay pacific කලාපයට පෙබරවාරි මාසය තුළ ඩොලර් මිලියන දෙසීයක පමණ අලාභයක් සිදුවීමට නියමිතව බව හොංකොං ගුවන් සේවය වාර්තා කර ඇත.
වරක් ලොව විශාලතම ප්‍රවාහන හා සැපයුම් මධ්‍යස්ථානයක් වූ හොංකොං නගරය කොවිඩ් ආසාදිත ශූන්‍ය කලාපයක් කර ගැනීමට ලොවපුරා රටවල් අතරින් ඉතා දැඩි ම කොවිඩ් සීමා පැන වූ නගරයද වෙයි.
හොංකොං නගරය තුළ ප්‍රථම වරට ඔමික්‍රෝන් පැතිර යාමට හේතුවූ cathay pacific කාර්ය මණ්ඩලයේ අබේකෝන් ආසාදිත සේවකයන් දෙදෙනා නිවාස නිරෝධායනය කඩ කිරීම හේතුවෙන් ගුවන් යානා කාරය මණ්ඩල නිරෝධායනය තව දුරටත් දැඩි කරන ලදී.
මෙම පියවරවල් හේතුවෙන් cathay pacific හරහා භාණ්ඩ ප්‍රවාහනය 20% කින් පහත බැස ඇති අතර මගී ප්‍රවාහනයද 2% කින් පහත බැස ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරී Augustus Tang පසුගිය සදුදා දින පැවසීය.