න්‍යෂ්ටික අවි ප්‍රගුණනය නොකිරීමේ ගිවිසුම අත්සන් කිරීමට තවත් මාසයක කාලයක් ඉතිරිව ඇති බැවින් එක්සත් ජනපදය යළිත් වරක් එහි සමාලෝචන සම්මන්ත්‍රණයට ඇති කැපවීම තහවුරු කිරීමට ක්‍රියා කළ බව එරට රාජ්‍ය ලේකම් Antony Blinken පසුගියදා ප්‍රකාශ කර තිබේ .
මීට වසර 54 කට පෙර ජුලි 1 දින අත්සන් සඳහා විවෘත වූ බව සඳහන් කරමින් නව ප්‍රකාශයක් නිකුත් කළ Blinken කියා සිටියේ “ ලෝකය පුරාවට එදා සහ අද න්‍යෂ්ටික අවි භාවිතය නිසා පැතිර යන තර්ජනයන් වැළැක්වීම වෙනුවෙන් ගනු ලබන ජාත්‍යන්තර ප්රයත්නයන් සදහා NPT විසින් අත්‍යවශ්‍ය පදනම සපයා ඇති අතර සියලු පාර්ශවයන්ගේ අවශ්‍යතා සඳහා සේවය කරමින් විනාශකාරී න්‍යෂ්ටික යුද්ධයක විභව අවදානම සීමා කර ඇත " යනුවෙනි.
NPT හි ඉදිරි සමාලෝචන සමුළුව එළැඹෙන අගෝස්තු මාසයේදී Newyork නගරයේ පැවැත්වීමට නියමිතව ඇති අතර සමුළුවේදී ආයුධ පාලනයට පහසුකම් සැලසීමෙන්, සාමකාමී න්‍යෂ්ටික ක්‍රියාකාරකම් ආරක්ෂා කිරීමෙන් හෝ උල්ලංඝනයන් වැලැක්වීමෙන් වර්තමානයේදී උද්ගතව පවතින ගෝලීය අන්තරායන් අවම කිරීම සදහා ගිවිසුමේ පවතින කල්පවත්නා භූමිකාව එක්සත් ජනපදය විසින් ඉස්මතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ .