හැලොවින් විනෝදකාමීන්ට Shibuya PARCO සංකීර්ණයට ඇතුළුවීම තහනම් කරයි


ටෝකියෝ හි සුප්‍රසිද්ධ Shibuya හරස් මාර්ගය ජපානයේ විශාලතම හැලොවීන් සාදයේ නිවහන වේ

.

ටෝකියෝ හි සුප්‍රසිද්ධ Shibuya හරස් මාර්ගය ජපානයේ විශාලතම හැලොවීන් සාදයේ නිවහන වේ. සෑම වසරකම මෙම හරස් මාර්ගය දැවැන්ත වීදි සාදයක් බවට පත්වේ. විවිධ ඇඳුමින් සැරසුණු සාදයට යන අය අවට ප්‍රදේශවලට විසිරී යයි.

මේ අතරින් බොහෝ අය අවිනීත ලෙස හැසිරීම හේතුවෙන් මෙම උත්සවයට මහජන අමනාපයක් වර්ධනය වන බව පෙනේ.මෙයට සහභාගීවන්නන්ගේ නොහික්මුණු හැසිරීම් අවට ව්‍යාපාරවලට බාධා කරන බවද මහජනයා චෝදනා කර සිටියි. මේ හේතුවෙන් උත්සව සමයේදී ප්‍රදේශය තුළ මත්පැන් පානය තහනම් කිරීමට පවා පියවර ගෙන ඇත.

කොරෝනා වසංගත අවදානම අඩු වීමෙන් පසු මෙම හැලොවීන් උත්සවය පැවැත්වෙන පලමු වාරය මෙයයි.එබැවින් බොහෝ දෙනෙක් මෙම දිනය සැමරීමට සූදානම්ව සිටියි. කෙසේ වෙතත් ප්‍රදේශයේ අනෙක් මහජනයා මෙම ප්‍රදේශයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බවද පෙනේ.

මේ අතර ටෝකියෝ හි විශාලතම සහ වඩාත්ම ප්‍රසිද්ධ දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණවලින් එකක් වන Shibuya PARCO සංකීර්ණයට හැලොවීන් ඇඳුමින් ඇතුල් වීම තහනම් කර තිබෙන බවද වාර්තා වේ.

 
122 Views

Comments