ජපානයේ බටහිර දූපත් වල නිරීක්ෂණ චාරිකාවක නිරත වූ රුසියානු යුද නෞකා


ජපානයේ බටහිර දූපත් ආශ්‍රිතව රුසියානු යුද නැව් නිරීක්ෂණ චාරිකාවේ නිරතවේ

.

යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් Tokyo සහ Moscow අතර උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය තවදුරටත් තීව්‍ර වෙමින් පවතින මොහාතක රුසියානු නාවික යාත්‍රා තුනක් ජපානයේ බටහිර දෙසින් පිහිටි Yonaguni සහ Iriomote දූපත් දෙක අතරින් ගමන් කළ බව  ආරක්ෂක අමාත්‍යාංශය සෙනසුරාදා දින නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය .

 

ප්‍රථම වරට එම ප්‍රදේශයේ රුසියානු නාවික ගමන් මාර්ගය හෙළි කරමින් අමාත්‍යාංශය කියා සිටියේ ආරක්ෂක  සන්නද්ධ වේගවත් කුඩා යුධ නෞකාවක්, බරින් වැඩි විශාල යුධ නෞකාවක් සහ සැපයුම් නෞකාවක් සිකුරාදා සිට සෙනසුරාදා දක්වා තායිවාන දූපත් අතරින් යාත්‍රා කර නැගෙනහිර චීන මුහුදට ගමන් කළ බවයි. 

 

ජපානය අවට මුහුදේ රුසියානු සහ චීන නාවික හමුදාවන්ගේ වැඩිවීමක් නිරීක්ෂණය වීම හේතුවෙන් අමාත්‍යාංශය විසින් ජපාන මුහුද අවට ප්‍රදේශයේ ගමන් කරන නැව්වල ක්‍රියාවන් සහ චේතනාවන් අඛණ්ඩව විශ්ලේෂණය කිරීම සිදු කරනු ලබන මොහොතක මෙම නෞකා වල ගමන් මාර්ගය සොයා ගැනීමට නිලධාරීන්ට හැකිවී තිබේ.

127 Views

Comments