covid නයින්ටීන් වසංගතය මදකට සමනය වීමෙන් පසු ප්රංශය ඒ රටට සංචාරකයන් සඳහා විවෘත කරනු ලැබිණි. ඒ සමගම එරට සංචාරක කර්මාන්තය ඉතා සීග්රයෙන් සංවර්ධනය වූ අතරම මේ වන විට covid වසංගතය ද නැවත හිස ඔසවන ලකුණු පහල වී තිබේ. එම හේතුවෙන් මෙතුවක් ප්රංශ ජනතාවගෙන් ඉවත් කර තිබූ මුඛ ආවරණ පැළඳීමේ නැඹුරුවක් නැවත සමාජගත වන බවක් දක්නට ඇත.
පසුගිය සති දෙක ඇතුළත දිනකට කොරෝනා ආසාදිතයන් දාහකට ආසන්න ප්රමාණයක් වාර්තා වීම හේතුවෙන් covid සීමා කිරීම්වලට නැවත ප්රංශය නතු කිරීමට සිදුවිය හැකි බව රජයේ මේ වන විට දැනුම් දී තිබේ. බොහෝවිට සංචාරකයන්ට ද සංචරණ සීමා පැනවීමට ඉඩකඩ ඇති බව ආරංචි මාර්ග පවසයි .