දකුණු කොරියාව තුල වාර්තා වූ ඉහළම දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව පසුගිය සඳුදා දින වාර්තා වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි. එම අගය 8571ක් ලෙස වාර්තා වූ අතර ඔමික්‍රොන් වෛරසය දකුණු කොරියාව තුළ ද ඉතා සීඝ්රයෙන් පැතිරෙමින් පවතී.
මෙම සති අන්තය වන විට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 10000 ඉක්මවා යා හැකි බව කොවිඩ් දත්ත සමීක්ෂකයන් පුරෝකතනය කර ඇත. රෝහල් වල තදබදය අඩු කර ගැනීම සඳහා කොවිඩ් වැළඳුණු බව හඳුනා ගැනුණු රෝගීන්ට පළමු දින දහය තමන්ගේ නිවෙස් වල ම නිරෝදායනය වන ලෙස ගන්නවා ඇති අතර අවදානම් රෝගීන් පමණක් රෝහල්ගත කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් ක්‍රියා කරමින් සිටී.