දෙරටේ ගැටළු විසදීමට නම් එක්ව ක්‍රියා කළ යුතු බවට අදහස් දැක්වූ දකුණු කොරියානු නායකයා


දෙරටේ ගැටලු විසදීමට ජපාන හා දකුණු කොරියානු නායකයන් එක්වේ

.

ජපානය සහ දකුණු කොරියාව අතර පවතින ඓතිහාසික ගැටළු විසඳා ගැනීම සඳහා දෙරටේ නායකයින් එක්ව කටයුතු කළ යුතු යැයි තමන් අපේක්ෂා කරන බව ජපාන ව්‍යාපාරික සම්මේලනයේ නායක Masakazu Tokura සමඟ ජුලි 4 වන සදුදා දින Seoul හිදී පැවැති සාකච්ඡාවක් අතරතුරදී දකුණු කොරියානු ජනාධිපති Yoon Suk Yeol ප්‍රකාශ කර තිබේ. 

 

"අනාගතය ඉලක්ක කරගත් හවුල්කාරිත්වයක් ගොඩනඟා ගැනීම සඳහා දෙරටම උත්සාහ කළ යුතු අතර දෙරටේම ප්‍රඥාව ඒකාබද්ධ කිරීම සිදුකළ යුතු වේ " යනුවෙන් Yoon මෙහිදී සිය අදහස දක්වා ඇත. 

 

රැස්වීමෙන් පසු Tokura වාර්තාකරුවන්ට කියා සිටියේ "ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා ජපාන අගමැති Fumio Kishida සමඟ සමුළු සාකච්ඡාවක් පවත්වන ලෙස තමන් ජනාධිපති Yoon ගෙන් ඉල්ලා සිටි බවයි.

93 Views

Comments