පාසල් දැරියන් දෙදෙනෙකුට පිහි ප්‍රහාරයක් එල්ල කළ සැකකරු අත්අඩංගුවට ගැනේ


පාසල් දැරියනට පිහි ඇනුම් සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගනි

.

ඊසානදිග ජපානයේ Sendai නගරයේ Taihaku Ward හි ජූලි 7 වන දින උදෑසන පාසල් යමින් සිටි කනිෂ්ඨ උසස් පාසල් සිසුන් දෙදෙනෙකු ලුහුබැඳ විත් ඔවුන් දෙදෙනා පිහියකින් ඇන ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් 43 හැවිරිදි ප්‍රදේශවාසියෙකු වන Hiroyuki Owari නම් පුද්ගලයා එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබේ. 

 

එදින උදෑසන 8 ට පමණ  “කනිෂ්ඨ උසස් පාසල් දැරියන් දෙදෙනෙකුට පුද්ගලයකු විසින් පිහියෙන් ඇන ඇති බවට" පොලිසියට ලද හදිසි ඇමතුමකට අනුව යි Miyagi ප්‍රාන්ත පොලිසියේ Sendai Minami පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානයට ළඟා වී ඇති අතර පිහි ප්‍රහාරයෙන් එක් දැරියක බරපතළ තුවාල ලබා ඇතත් කිසිවකුගේ ජීවිතයට මරණීය තර්ජනයක් නොමැති බව පොලීසිය ප්‍රකාශ කළේය. 

 

දැරියන් ඝාතනය කිරීමට උත්සාහ කළ බවට සැක කෙරෙන පුද්ගලයා සිද්ධිය වූ ස්ථානය අසලදීම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු අදාළ දැරියන් දෙදෙනා හඳුනන බවට කිසිදු සාක්ෂියක් මේ වනතුරු හමුවී නොමැත. "මම ඔවුන්ගේ පිටුපසින් විත් ඔවුන්ට පිහියකින් ඇනලා ඔවුන්ව මරන්නයි යන්නේ" යනුවෙන් ඔහු අත්අඩංගුවට පත්වීමෙන් පසු නිලධාරීන්ට පාපොච්චාරණය කර ඇති බව සඳහන් වේ.

107 Views

Comments