ටෝකියෝ නුවරට දකුණු දෙසින් වන්නට පිහිටි Izu දූපත් සමූහය ආශ්‍රිතව ක්‍රියාත්මක වන අඩු පීඩන තත්වය හේතුවෙන් ජපානය පුරා බොහෝ ප්‍රදේශ අධික වර්ෂාපතනය ක ට ලක් වී ඇත. මේ හේතුවෙන් එම ප්‍රදේශවල වෙසෙන බොහෝ ජනයා මහත් අපහසුතාවයට පත්ව තිබේ.
කාලගුණ විශේෂඥයන් පවසන පරිදි දකුණු ප්‍රදේශයෙන් හමායන ආර්ද්‍රතාව අධික සුළං හේතුවෙන් සහ වැඩි පීඩන කලාප හේතුවෙන් මෙම අධික වැසි වලින් ජපානයේ බහුතරයක් ප්‍රදේශවල ජනතාවට පීඩාවට ලක් වීමට සිදුව ඇත.
මේ වන විටත් හොකයිඩෝ සහ Aomori ප්‍රාන්ත වලට 100mm අධික වර්ෂාපතනයක් ද Hachijojima දූපත් ආශ්රිත ප්‍රදේශවලට පසුගිය පැය 12 ක් පුරාවට 200mm හා සන්න වර්ෂා පතනයක්ද ලැබී තිබේ