පසුගිය සදුදා සහ අඟහරුවාදා දින තුළ දකුණු ස්විස් නගරයක් වන Lugano හිදී පැවති යුක්රේනය නැවත යථා තත්ත්වයට පත්කර ගැනීම පිළිබඳ සමුළුවකදී එයට සහභාගිවූ බොහෝ ජාත්‍යන්තර නියෝජිතයින් යුක්රේනය සඳහා ඊට අවශ්‍ය සියලුම සහය සහාය ලබාදෙන බවට පොරොන්දු ප්‍රකාශ ලබාදී තිබේ .
දින දෙකක් පුරාවට පැවති මෙම යුක්රේන සමුළුවේදී ඊට සහභාගි වූ සියලුම ජාත්‍යන්තර නියෝජිතයින් රුසියානු ආක්‍රමණය යටතේ විනාශයට පත්වූ යුක්රේනය නැවත ගොඩනගා ගැනීමට යුක්රේනය ඉදිරිපත් කළ සියලුම ක්‍රියාවලීන් වලට සහය දෙන ලෙසට පොරොන්දු ලබාදී තිබේ. ඒ අනුව සමුළුව අවසාන වන මොහොත වන විට දී එම සියලුම රාජ්‍යයන් ඔවුන් යුක්රේනයට සහාය ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය පිළිබඳව සැකසූ සැලසුම් සමුළුවේ නියෝජිතයන්ට ඉදිරිපත් කර ඇත.
මෙම සියලුම සහාය ඇතිව දරුණු රුසියානු ආක්‍රමණයෙන් පීඩා විඳි යුක්රේනය නැවත ගොඩනගා ගැනීමට බලාපොරොත්තුවන බව එරට නියෝජිතයින් ප්‍රකාශ කර තිබේ.