Aichi ප්‍රාන්තයේ ගැහැණු ලමුන් තිදෙනෙක් මරුට . මව අත්අඩංගුවට


Aichi ප්‍රාන්තයේ Ichinomiya ප්‍රදේශයේ තම ගැහැනු දරුවන් තිදෙනා මරණයට පත් කිරීම සම්බන්ධ සැක පිට විසිහත් හැවිරිදි මවක් පස

.

Aichi ප්‍රාන්තයේ Ichinomiya ප්‍රදේශයේ තම ගැහැනු දරුවන් තිදෙනා මරණයට පත් කිරීම සම්බන්ධ සැක පිට විසිහත් හැවිරිදි මවක් පසුගිය බ්‍රහස්පතින්දා අත්අඩංගුවට ගෙන තිබේ.

 

එදින පස්වරු 9.10 ට පමණ ඇගේ සැමියා නිවසට ඒමෙන් පසුව දරුවන් තිදෙනා සිහිසුන්ව සිටින බව දැන ගිලන් රථයක් කැඳවා ඇත. එම සේවකයන් විසින් දරුවන් තිදෙනා ඒ වන විටත් මරණයට පත්වී ඇති බව තහවුරු කර තිබිණි. මරණයට පත්වූ දියණියන් තිදෙනා අවුරුදු පහ , අවුරුදු තුන සහ අවුරුදු 1 ට අඩු වයසේ පසුවන බව ආරංචි මාර්ග පවසයි.

 

ඔවුන් මරණයට පත් කළ මව ඇගේ බෙල්ලේ සහ මැණික් කටුව අසල සුළු තුවාල සහිතව රෝහල්ගත කර තිබිණි. පොලිසිය සැකකරන පරිදි මෙය සියදිවි නසා ගැනීම් සහ ඝාතන තැතක් වන අතර මව සුව වීමෙන් පසු ප්‍රශ්න කිරීම් සිදු කර ඝාතනයට අදාළ දඬුවම් දීමට නියමිත බව සඳහන් වේ.

 

Comments