ගඟනගාමීන් නැවත වරක් සඳ මතුපිටට ගොඩබැස්සවීමේ NASA විද්‍යාඥයන්ගේ සැලැස්මේ නවතම පියවරක් ලෙසින් California-based Rocket Lab සහ Colorado-based Advanced Space යන වාණිජ සමාගම්වල එකමුතුවෙන් මයික්‍රෝවේව් ක්ෂුද්‍රතරංග උදුනක් තරම් ඉතා කුඩා ප්‍රමාණයේ චන්ද්‍රිකාවක් සඳුදා දින පෘථිවිය වටා වූ කක්ෂයෙන් සාර්ථකව වෙන් වී සඳ දෙසට ගමන් කිරීම ආරම්භ කර තිබේ.
Rocket Lab සමාගම විසින් Capstone චන්ද්‍රිකාව මීට දින හයකට පෙර නවසීලන්තයේ Mahia අර්ධද්වීපයේ සිට කුඩා ඉලෙක්ට්‍රෝන රොකට්ටුවකින් දියත් කළ අතර එය අවම ශක්තියක් භාවිතා කරමින් ගමන් කරන බැවින් චන්ද්‍රිකාව වෙත ළඟා වීමට තවත් මාස හතරක පමණ කාලයක් ගතවනු ඇති බව පැවැසේ.
NASA ආයතනයේ ගනණය කිරීම් වලට අනුව නව මෙහෙයුමේ සාපේක්ෂ අඩු පිරිවැය ඩොලර් මිලියන 32.7 ක් ලෙස දක්වා ඇති අතර Rocket Lab හි නිර්මාතෘ Peter Beck මෙහිදී කියා සිටියේ අභ්‍යවකාශ ගවේෂණයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරන මෙම ගුවන්ගත කිරීම සම්බන්ධයෙන් ඔහුට දැනෙන උද්යෝගය වචනවලින් විස්තර කිරීම දුෂ්කර බවයි.
"බොහෝ විට එය ගිලී යාමට ටික කලක් ගතවනු ඇත. එය අපට වසර දෙකහමාරක් ගත වූ ව්‍යාපෘතියක් වන අතර එය ක්‍රියාත්මක කිරීමට ඇදහිය නොහැකි තරම් දුෂ්කර ය . එබැවින් අද රාත්‍රියේ ඒ සියල්ල එකට එකතු වී එම අභ්‍යවකාශ යානය සඳ දෙසට යන ආකාරය දැකීම සම්පූර්ණයෙන්ම වීර කාව්‍යයකි "
"ඩොලර් මිලියන දස දහස් ගණනකට ඔබව සඳ වෙත, ග්රහක වෙත, සිකුරු වෙත, අඟහරු වෙත ගෙන යා හැකි රොකට්ටුවක් සහ අභ්‍යවකාශ යානයක් දැන් තිබේ. එය පෙර කිසිදා නොතිබූ උමතු හැකියාවකි " යනුවෙන් ඔහු පැවැසීය.