පසුගිය අඟහරුවාදා ජපාන කර්මාන්ත අමාත්‍යවරයා විසින් ඔහු දින පහක සංචාරයකට එළඹෙන සතියේ ඔස්ට්‍රේලියා බලා පිටත් වෙන බව නිවේදනය කර තිබේ.ඒ ප්‍රථම බලශක්ති හමුවට සහභාගිවීම සඳහායි . මෙම හමුවේ දී පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධව සාකච්ඡා කිරීමටත් ඒ ඔස්සේ ඔස්ට්‍රේලියාව සමග සමඟ පවතින සබඳතා වර්ධනය කර ගැනීමටත් බලාපොරොත්තු වන බව ඔහු පවසා තිබේ .
ජපානයේ ආර්ථික,වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යවරයා වන Koichi Haguida තව දුරටත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන් කර සිටියේ නව තාක්ෂණය යොදා ගනිමින් බලශක්තිය නිෂ්පාදනය කිරීමත් , ප්‍රතිචක්‍රියකරණය කිරීමත් යනාදී කරුණු පිළිබඳව මෙම හමුවට සහභාගී වන ප්‍රබලයන් වන ඔස්ට්‍රේලියාව ඉන්දියාව හා එක්සත් රාජධානිය සමඟ වැඩිදුර සාකච්ඡා කිරීමට අදහස් කරගෙන සිටින බවයි