යන්ත්‍රයකට හසු වූ 34 හැවිරිදි පුද්ගලයෙක් මිය යයි


ඌරු පොහොර සාදන යන්ත්‍රයකට හසු වීමෙන් මරණය සිදු විය

.

ඊයේ සවස 2.30 ට පමණ තොමෙ නගරයේ පිහිටි "MAROPIGX" නම් ඌරු පොහොර නිශ්පාදන ආයතනයේදී ඌරු පොහොර කලවම් කිරීමට යොදාගන්නා යන්ත්‍රයකට හසු වීමෙන් සමාගමේ සේවකයෙකු වන 34 හැවිරිදි Takahiro Shiraishi එම ස්ථානයේදීම මියගොස් ඇත.

පොලිසිය පවසන පරිදි ශිරයිෂි මහතා එම අවස්ථාවේ ඌරු පොහොර යන්ත්‍රයෙන් ඉවත් කිරීමට තනිවම කටයුතු කර ඇත.

අනතුරට හේතුව පිලිබඳව පොලිසිය තවදුරටත් පරීක්‍ෂණ සිදු කරන අතර ආරක්‍ෂාව කළමනාකරණය සම්බන්ධයෙන්ද පරීක්‍ෂණ පවත්වයි.

 
158 Views

Comments