ඉදිරි සති කීපය තුළ  දෛනික COVID-19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් නව විශේෂඥ වාර්තාවක් නිකුත් වෙයි


ජපානයේ කොරෝනා ව්‍යාප්තිය නොනවත්වා ඉහළට යයි

.

ජපාන අගනුවරින් දෛනිකව වාර්තා වන COVID-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව  වර්තමාන වේගයෙන්ම ඉහළට යන්නේ නම් ඉදිරි සති දෙක තුළ නව රෝගීන් 15,534 සීමාව දක්වා ළඟා විය හැකි බවට ජපාන විද්වත් මණ්ඩලයක් විසින් ජූලි 7 වන දින ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දී තිබේ .

 

ආසාදන ප්‍රවණතාවය විශ්ලේෂණය කිරීම සඳහා ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය විසින් පවත්වන ලද රැස්වීමක් අතරතුරදී මෙම වාර්තාව ඉදිරිපත් කර තිබූ අතර ජුනි 27 දිනෙන් අවසන් වූ සතිය තුළ තහවුරු කර ගන්නා ලද නව රෝගීන්ගෙන් 33.4% ප්‍රමාණයක් ඉතා වේගයෙන් ව්‍යාප්ත වන omicron හි BA.5 උප ප්‍රභේදයේ ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබිණි. 

 

මාස තුනකට පමණ පසු පළමු වතාවට Tokyo අගනුවරින් වාර්තා වූ නව Corona ආසාදිතයින්ගේ සංඛ්‍යාව ජූලි 6 වන දින 8000 සීමාව ඉක්මවා ගොස් 8341 ලෙස සටහන්ව තිබූ බැවින් ආසාදන අනතුරු ඇඟවීමේ මට්ටම එහි ඉහළම අගයට ළඟා වීම සිදුවිය.

135 Views

Comments