හිටපු ජපාන අගමැතිගේ ඝාතකයා පිළිබඳ කියැවෙන සාවද්‍ය තොරතුරු වලින් අන්තර්ජාලය පිරී යයි


හිටපු අගමැතිගේ ඝාතකයා පිළිබඳව සාවද්‍ය තොරතුරු වලින් අන්තර්ජාලය පිරියයි

.

හිටපු ජපාන අගමැති Shinzo Abe ගේ ඝාතනය පිටුපස ජපානයේ ජීවත් වන "Zainichi" කොරියානු වැසියන් සිටින බවට සමාජ මාධ්‍යවල සංසරණය වන වැරදි තොරතුරු විශ්වාස කිරීමට එරෙහිව වෛරී ප්‍රකාශ නීති විශාරදයෙකු සහ තවත් විශේෂඥයින් බොහෝ දෙනෙකු පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. 

 

සාමාජ මාධ්‍ය පුරා සංසරණය වන පදනම් විරහිත වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන්, නීතිවේදී සහ වෛරී ප්‍රකාශ විශේෂඥ Yasuko Morooka පැවසුවේ, "වෙනස් කොට සැලකීම සහ ප්‍රචණ්ඩත්වය අවුස්සන බොරු කටකතා ඉවසිය නොහැකි බවට වහාම මධ්‍යම ආන්ඩුව වෙත පණිවිඩය යැවිය යුතු බවයි ". 

 

"වෙඩිකාරයා පිටුපස Zainichi කොරියානුවන්, චීන ජාතිකයන් සහ රුසියානුවන් ඇතුළු විදේශීය බලවේග සිටි බවත්, ඔවුන් ඝාතකයාට අණ දෙන්නට ඇති බවත්"  මෙන්ම "Abe මහතාට වෙඩි තැබූ අපරාධකරු චීනය සහ රුසියාව විසින් කුලියට ගත් බවත්"  නැතහොත් " ස්වභාවික පුරවැසියෙක් හෝ Zainichi පදිංචිකරුවෙක් විය හැකි බවත් " වැනි විවිධ අසත්‍ය ප්‍රචාර මේ වනවිටත් රට පුරා පැතිර පවතී. 

 

"වැරදිකරුගේ මූලයන් සහ ගුණාංග පිළිබඳව පැවසෙන මෙවැනි අනුමාන කිරීම් සම්බන්ධයෙන් මට අර්බුදකාරී හැඟීමක් දැනෙනවා. කරුණාකර මෙවැනි දෙයක් පළ කිරීමට හෝ පතුරුවා හැරීමට පෙර නැවත සලකා බලන්න. ප්‍රචණ්ඩත්වයේ දාමය බිඳ දැමීමේ පළමු පියවර මෙය වීමට ඉඩ නොතබන්න "යනුවෙන් Twitter සටහනක් තබමින් ඡායාරූප මාධ්‍යවේදිනියක් වන Natsuki Yasuda කියා සිටියාය.

113 Views

Comments