Facebook , Twitter සාමාජ මාධ්‍ය Shinzo Abe ගේ ඝාතන වීඩියෝ ඉවත් කරයි


හිටපු අගමැති තුමාගේ ඝාතන වීඩියෝ සමාජ මාධ්‍ය වලින් ඉවත් කෙරේ

.

පසුගිය සිකුරාදා දින ජපාන හිටපු අගමැති Shinzo Abe ඝාතනය කළ අවස්ථාව ඇතුළත් වීඩියෝ දර්ශන Twitter හා Facebook හි මව් සමාගම වන Meta සහ අනෙකුත් සමාජ මාධ්‍ය සමාගම් වල අධි වේගයෙන් සංසරණය වූ අතර ඇතැමෙක් ප්‍රහාරයට පෙර සහ පසු අවස්ථා පමණක් දැක්වූ නමුත් තවත් සමහරු වෙඩි ප්‍රහාර දෙකම දක්වා තිබිණි. 

 

දෘශ්‍ය කලාව යොදාගෙන ප්‍රචණ්ඩත්වය මෙන්ම සංවේදී මාධ්‍යවල සීමා කිරීම් නොතකා නීති කඩ කෙරෙන පරිදි ඇතැම් විඩියෝ පට පළ කර තිබූ අතර එවැනි විඩියෝ “ක්‍රියාකාරීව ඉවත් කිරීම” මගින් ප්‍රහාරයට අදාළ “හානිකර අන්තර්ගතයන් වලට ආමන්ත්‍රණය කිරීමට” සමාගමේ වගකිවයුතු අංශ කටයුතු කරමින් සිටින බව මේ සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් Twitter සමාගම නිවේදනය කළේය. 

 

ප්‍රහාරය එල්ල වූ අවස්ථාව දැක්වෙන සියලුම වීඩියෝ මකා දමන බවත් ප්‍රහාරය එල්ල කළ සැකකරුගේ Facebook සහ Instagram ගිණුම් අක්‍රිය කර ඇති බවත් Meta සමාගම මෙහිදී  කියා සිටියේය. 

 

"ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය Shinzo Abe මහතාගේ අභාවය පිළිබඳව අපි දැඩි ශෝකයට සහ කම්පනයට පත් වෙනවා. එමෙන්ම අපගේ සමාජ මාධ්‍ය ජාලය තුළ සිදුවන කිසිදු ප්‍රචණ්ඩකාරී හැසිරීමක් අපි නොඉවසන අතර ආරක්ෂිත භාවය වෙනුවෙන් වෙඩිතැබීමේ සිදුවීමට අදාළ ඕනෑම නීති උල්ලංඝන අන්තර්ගතයක් ඉවත් කිරීමට අපි කටයුතු කරමින් සිටිමු" යනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් Meta මව් සමාගම පැවැසීය.

Comments