රට තුළ නව Corona ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට


ජපානයේ වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහල යයි

.

ජුනි 11 වන සඳුදා දින ජපානයේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි නව Corona වෛරස ආසාදිතයින් 37,143 දෙනෙකු වාර්තා වී තිබූ අතර ඉන් ආසාදිතයින් 6231 දෙනෙකු Tokyo අගනුවරින් අද දිනය තුළ තහවුරු කරගත් බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.

 

අගනුවරින් අද දිනය තුළ දරුණු රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කර ඇති ආසාදිතයින් සංඛ්‍යාව නවයක් වන අතර COVID-19 මරණ කිසිවක් වාර්තා වී නොමැත. නමුත් සමස්ථයක් ලෙස ගත් කල රටපුරා Corona මරණ සංඛ්‍යාව 15 ක් ලෙස සටහන්ව තිබිණි. 

 

දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 2000 ඉක්මවා ගොස් වාර්තා වූ අනෙකුත් ප්‍රාන්ත වන්නේ Kanagawa (4230), Osaka (2515), Saitama (2429) සහ Fukuoka (2354) ප්‍රාන්ත වේ.

129 Views

Comments