අමුත්තන් වෙනුවෙන් තද නිල පැහැ indigo අත්දැකීමක් ලබා දෙන පැරණි සායම්ගාරය


අමුත්තන්ට නවමු අත්දැකීමක් ලබා දීමට නව සංචාරක ස්ථානයක් විවෘත කෙරේ

.

උතුරු ජපානයේ Hokkaido ප්‍රාන්තයේ Biei හි පිහිටා ඇති Aizome Yui no Mori ලෙසින් හැඳින්වෙන පැරණි සායම්ගාරය විසින් Indigo ශාකවල ආකර්ශනීය බව අමුත්තන් හට පෙන්වා දිමේ අරමුණින් නව අන්තර් ක්‍රියාකාරී සංචාරක ස්ථානයක් පසුගියදා විවෘත කර තිබේ.

 

මෙම ආයතනය මගින් ජනතාව වෙත Indigo සායම් කිරීමේ වැඩමුළු සපයන අතර Indigo සායම් යොදාගනිමින් වර්ණ ගන්වන ලද භාණ්ඩ අලෙවි කිරීම සිදු කරනු ලබයි . ඔවුන් විසින් පසුගිය ජුලි 7 වන දින ආරම්භ කළ ආපන ශාලාවට පැමිණෙන අමුත්තන් හට සායම්ගාරයේ කාර්ය මණ්ඩලය විසින් වගා කරන ලද Indigo පැළ වලින් නිස්සාරණය කර ගන්නා ලද Indigo සාරය සහිත තේ සහ Indigo රසැති කුකීස් අයිස්ක්‍රීම් සමඟ රස විඳීමේ අවස්ථාව හිමිවේ. 

 

සංචාරක මධ්‍යස්ථානයට පිටුපසින් දක්නට ලැබෙන "නිල් කඳු" වැනි Indigo වගාව නැරඹීමට පැමිණෙන අමුත්තන් හට Indigo වර්ණ යොදාගනිමින් සිදුකරන ලද පැච්වර්ක් දර්ශන සහිත පරිසරය අත්විඳීමට හැකි වන පරිදි Indigo වර්ණ යොදාගනිමින් වර්ණ ගැන්වූ "නිල් කවය" ලෙස හැඳින්වෙන ලී බංකුව මත විවේක ගත හැකිය.

 

"අපි මෙම මධ්‍යස්ථානය විවෘත කළේ සම්ප්‍රදායික ජපන් සංස්කෘතිය හරහා මිනිසුන් සම්බන්ධ කිරීමේ අභිලාෂය මත ය. ඔවුන් Indigo සායම් වර්ගවල නිල් පැහැය ඇතුළුව ඒවායේ වර්ණය හා රටා සියල්ලක්ම අත්විඳිනවාට මම කැමතියි " යනුවෙන් ආයතනයේ සභාපති ලෙස සේවය කරන 58 හැවිරිදි Hirotoshi Mizuno මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේය.

Comments