ජපානයේ විදේශ ඇමති නව දකුණු කොරියානු තානාපති හමුවෙයි.


ජපානය හා දකුණු කොරියාව අතර සබඳතා තව තවත් වර්ධනය වේ

.

විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි අඟහරුවාදා ජපානයේ නව දකුණු කොරියානු තානාපති යුන් ඩුක් මින් හමුවූ අතර, යුද කාලීන සහ භෞමික ගැටලු සම්බන්ධයෙන් බිඳ වැටී ඇති සෝල් සමඟ සබඳතා වැඩිදියුණු කිරීමට ටෝකියෝවේ කැමැත්ත නිවේදනය  කර ඇත.

 

විදේශ අමාත්‍යාංශයේ පැවති රැස්වීමෙන් අනතුරුව යුන් පවසා සිටියේ ඔවුනොවුන් හමුවූයේ වඩා හොඳ සම්බන්ධතාවයක් සඳහා එකිනෙකා සමඟ වෙහෙස මහන්සි වී වැඩ කරන බවට වග බලා ගැනීම සඳහා බවයි.

 

යුධ කාලීන බලහත්කාර කම්කරු නඩු වල පැමිණිලිකරුවන් විසින් අත්පත් කර ගෙන ඇති දකුණු කොරියාවේ ජපන් ආයතනික වත්කම් ඈවර කිරීම වැළැක්වීම ඇතුළු ගැටළු විසඳීමට ජපානය සහ දකුණු කොරියාව උත්සාහයන් වේගවත් කර ඇත.

110 Views

Comments