ආසාදිතයින් සංඛ්‍යාව වැඩි වීමත් සමඟ පුළුල් වූ එන්නත්කරණය


ජපානයේ එන්නත් කරනය නැවත ආරම්භ වේ

.

දෛනික COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව නැවත වරක් රට පුරා සීග්‍ර ලෙස ඉහළ යමින් පවතින බැවින් දකුණු කොරියාවේ සෞඛ්‍ය අංශ විසින් වයස අවුරුදු 50 හෝ ඊට වැඩි සියලු පුරවැසියන් වෙනුවෙන් බූස්ටර එන්නත් මාත්‍රාව ලබාදීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. 

 

මාස දෙකකට වැඩි කාලයක් තුළ රටේ ඉහළම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව බදාදා දින 40,226 ක් ලෙස සනිටුහන්ව තිබූ නමුත් රෝහල්ගත කිරිමේ සහ මරණයට පත්වීමේ ප්‍රතිශතයන් ස්ථාවරව පවතී. එමෙන්ම ධනාත්මක බවට තහවුරු වූ පුද්ගලයින් සඳහා සතිපතා සිදුකරනු ලබන නිරෝධායන ක්‍රමවේද තවදුරටත් පවත්වාගෙන යනු ලැබේ. 

 

දකුණු කොරියාවේ රෝග පාලන සහ නිවාරණ ඒජන්සියේ කොමසාරිස් සහ ඉහළම බෝවන රෝග විශේෂඥයෙකු ලෙස සේවය කරන Beak Gyeongran උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වමින් කියා සිටියේ " එන්නත් කිරීම් සහ පූර්ව ආසාදනවලින් පසු මිනිසුන්ගේ ප්‍රතිශක්තිය අඩුවීම මෙන්ම අප්‍රේල් මාසයේ සිට සමාජය තුළ BA.5 Omicron ප්‍රභේදය ව්‍යාප්ත වීම අවම වීමත් සමඟ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම වෙනුවෙන් වූ ක්‍රියාමාර්ග විශාල වශයෙන් ඉවත් කිරීම වැනි කරුණු ආසාදන ව්‍යාප්තිය ඉහළ යාමට හේතු වී තිබේ" යනුවෙනි . 

 

" රෝහල්ගතවීම් සහ මරණ මැඩපැවැත්වීම සඳහා බූස්ටර එන්නත් පුළුල් කිරීම සහ ප්‍රතිවෛරස් පෙති විශාල වශයෙන් සැපයීම කෙරෙහි රජය මෙහිදී සිය අවධානය යොමු කරන අතරම දුර්වල ආර්ථිකය සැලකිල්ලට ගනිමින් දැඩි සමාජ දුරස්ථභාවයක් නැවත පවත්වා ගැනීම , අනවශ්‍ය රැස්වීම් සහ ගමන් බිමන් අවලංගු කිරීම වැනි පියවර ගන්නා ලෙස " Beak මෙහිදී  ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

94 Views

Comments