මාරාන්තික දුම්රිය අනතුර


බටහිර ජපානයේ දුම්රියක් කාන්තාවක් මාරාන්තික අනතුරකට ලක් කරයි

.

අප්‍රේල් 25 වන දින බටහිර ජපානයේ Nara ප්‍රාන්තයේ Yamatokoriyama හි Nishiokacho දිස්ත්‍රික්කයේ දුම්රිය හරස් මාර්ගයකදී සවස 6:10 ට පමණ 50 හැවිරිදි Yoko Takagaki නම් වූ අන්ධ කාන්තාව ගමන් කරමින් තිබූ දුම්රියක ගැටී ඇති අතර ඇයගේ තත්වය මාරාන්තික බව වාර්තා වේ. 

 

Kashiharajingu-mae දුම්රිය ස්ථානයෙන් පිටත්ව Kashihara මාර්ගයේ Kyoto Station වෙත ගමන් කරමින් සිටි Kintetsu දුම්රිය සමාගමේ සීමිත සීඝ්‍රගාමී දුම්රියේ කාන්තාව මෙලෙස ගැටී තිබේ. අනතුර හේතුවෙන් පැයකුත් විනාඩි 20ක පමණ කාලයක් Kashihara මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ඇණහිටීම සිදුවිය. 

 

අනතුර සිදුවූ ස්ථානය අසල තිබූ ආරක්ෂක කැමරාවක හරස් බාධක පහත් වන ආකාරය රූගත වි ඇති අතර ආපසු හැරී යාමට සූදානම් වූ විගසම ඇය දුම්රියේ ගැටී ඇති බව  දර්ශනවලින් පෙනී ගොස් ඇති බව පොලිස් ස්ථානයට සදහන් කළේය.

Comments