දියමන්ති 20 ක් සහිත පාර්සලය සොරකම් කළ ප්‍රවාහන සේවකයා අත්අඩංගුවට ගැනේ


දියමන්ති පාර්සලයක් සොරකම් කළ පුද්ගලයා අත්අඩංගුවට ගනී

.

ජපානයේ ප්‍රධාන බෙදා හැරීමේ සමාගමක් වන Yamato Transport Co හි හිටපු සේවකයෙකු වන Joji Yakata නම් 47 ​​හැවිරිදි පුද්ගලයෙකු පසුගිය වසරේ  ජූලි මස අගදී යෙන් 12,520,000 ක් පමණ වටිනාකමින් යුතු දියමන්ති 20 ක් සහිත පාර්සලයක් සොරකම් කළ බවට සැකපිට Osaka ප්‍රාන්ත පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ. 

 

සැකකාර Yakata විසින් Yamato හි Osaka ප්‍රධාන ශාඛා කාර්යාලයේ බෙදාහැරීමේ මධ්‍යස්ථානයෙන් අදාළ  දියමන්ති සහිත පාර්සලය සොරකම් කර ඇති අතර එවකට ඔහු ශාඛාවේ කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කර ඇති බව සදහන් වේ. සොරකම් කර ගන්නා ලද දියමන්ති පාර්සලයක් ඔහු විසින් විකුණා ඇති නමුත් ඒවායින් කිහිපයක් සොයා ගැනීමට හැකිවූ බවත් ඉතිරි දියමන්ති පිළිබඳ වෙනත් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවත් පොලිසිය පැවැසීය. 

 

Tokyo හි ස්වර්ණාභරණ සැකසුම් සමාගමකින් Osaka හි සමාගමකට දියමන්ති පාර්සලය නැව්ගත කර ඇති බවත් මැයි මාසයේදී සේවයෙන් පහ කර තිබූ ඔහුගෙන් සොරකම පිළිබඳව අඛණ්‌ඩව ප්‍රශ්න කරමින් සිටින බවත් වාර්තා වේ.

83 Views

Comments