වයෝවෘද්ධ පුද්ගලයන් රවටා මුදල් වංචා කළ අයෙක් කොටුවේ


සැකකරු මචිඩා නගරයේ පදිංචි කළමනාකරුවෙකි.

.

ඕසකා ප්‍රාන්ත පොලිස් සූයිටා පොලිස් ස්ථානය විසින් තෝකියෝවේ මචිඩා නගරයේ පදිංචි කළමනාකරුවෙකු සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා මිතුරෙකු සමඟ හවුල් වී පසුගිය 07 වැනිදා සූයිටා ප්‍රදේශයේ වැඩිහිටි කාන්තාවකගේ නිවසට ගොස් බැංකු කාඩ්පත් දෙකක් සහ පාස් පොතක් සොරකම් කර ඇති බවට සැක කෙරේ.

කෙසේවෙතත් තවත් වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ නිවසකටද මෙලෙස සොරකමක් සඳහා ගිය අවස්ථාවේදී ඔහු කොටු කර ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

109 Views

Comments