තනි කාච ප්‍රත්‍යාවර්ත කැමරා සංවර්ධනය අත් හිටවූ Nikon සමාගම


Nikon සමාගම තනි කාච කැමරා සංවර්ධනය නවතා දමයි

.

කුඩා දර්පණ රහිත ඩිජිටල් කැමරා මගින් වත්මන් වෙළඳපොලේ ආධිපත්‍යය දැරීම ආරම්භ කිරීමත් සමඟ ජපාන කැමරා වෙළඳපොලේ විශාල කොටසක් අත්පත් කරගෙන සිටින Nikon Corp. විසින් මීට පෙරදී නිෂ්පාදනය කළ SLR වර්ගවලට වඩා වැඩි අවධානයක්, මෑත කාලීන සැහැල්ලු දර්පණ රහිත කැමරා වෙත යොමු කර ඇති බැවින් තනි කාච ප්‍රත්‍යාවර්ත කැමරා සංවර්ධනය අත් හිටුවීමට සමාගම පියවර ගෙන ඇති බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය. 

 

සමාගම 1959 දී SLR කැමරා අලෙවි කිරීම මුල් වරට ආරම්භ කළ අතර දැනට පවතින නිෂ්පාදන අලෙවිය සහ පාරිභෝගික සහාය සේවා අඛණ්ඩව සිදු කරගෙන යාමටත් අනාගතයේදී අවශ්‍ය වුවහොත් SLR කැමරා සංවර්ධනය නැවත ආරම්භ කිරීමටත් අවස්ථාව පවතින බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය. 

 

සැහැල්ලු බර සහ නොකඩවා ජායාරූප ගැනීමේ හැකියාව හේතුවෙන් දර්පණ රහිත Nikon කැමරා ඔලිම්පික් ඇතුළු ක්‍රීඩා ඉසව් බොහොමයක් ආවරණය කරන වෘත්තීය ඡායාරූප ශිල්පීන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබේ .

85 Views

Comments