පෙබරවාරි 5 දිනට පසු පලමු වරට අද දින Tokyo අගනුවරින් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 19,000 සීමාව ඉක්මවා ගොස් තිබූ අතර දිනය නිමා වනවිට නව Corona වෛරස ආසාදිතයින් 19,059 දෙනෙකු සහ මරණ දෙකක් තහවුරු කර ගැනීමට හැකි වූ බව Tokyo මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.
ජුලි මාසයේ පළමු සතිය තුළදී දෛනිකව වාර්තා වූ ආසාදිතයින්ගේ මධ්‍යස්ථය 5,127.7 ක් ලෙස සටහන්ව තිබූ අතර එය දෙවන සතිය වනවිට 11,322.4 සීමාව දක්වා ළඟා වී තිබිණි.
අඛණ්ඩව ඉහළ යමින් පවතින BA.5 Omicron උප ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් හැකි සෑමවිටම මුව ආවරණ පළදින ලෙසත් වෛරස ප්‍රතිරෝධී පියවර අනුගමනය කරන ලෙසත් නගරය මහජනතාවගෙන් ඉල්ලා සිටී.