වසර තුනකට පෙර Kyoto හි පිහිටා තිබූ සජීවීකරණ කලාගාරයක් තුළ ඇති වූ ගින්නෙන් මියගිය පුද්ගලයන් අනුස්මරණය කෙරිනි. 2019 වර්ෂයේ ජූලි 19 වැනිදා ඇති වූ මෙම ගින්නෙන් පුද්ගලයන් 36 දෙනෙක් මියගොස් තිස් දෙදෙනෙක් තුවාල ලබා තිබිණි .
එම අනතුරෙන් තුවාල ලැබූ සහ මියගිය පුද්ගලයන්ගේ පවුල්වල උදවියත් අදාල සමාගමේ සේවකයනුත් එක්ව 120 දෙදෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන් මෙම සැමරීම සිදු කෙරිණි.