සුඛෝපබෝගී දුම්රියේ ව්‍යාජ වෙන් කිරීම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ


ජපාන සුඛෝපභෝගී දුම්රිය ආසන වෙන් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනියි

.

ජපානයේ අසාමාන්‍ය ලෙස වැඩිවෙමින් පවතින ව්‍යාජ දුම්රිය අසුන් වෙන්කිරීම් Tokyo නගරය සහ Hakone, Gotemba යන නගර අතර සේවා සපයන Odakyu Electric Railway මගින් ක්‍රියාත්මක වන සීමිත ශීඝ්‍රගාමී දුම්රිය සේවයක් වන Romancecar හි බහුලව වාර්තා වන අතර මුදල් ගෙවීමකින් තොරව පූර්ව වෙන්කිරීම් සිදුකළ හැකි මෙම දුම්රිය සේවාවේ මාර්ග දෙකම Fuji කන්දේ සුන්දර දසුන් හරහා ගමන් කරනු ලැබේ. 

 

බොහෝ දුම්රියවලට සාපේක්ෂව Romancecar හි ආහාර ගැනීමේ සේවාව සහ සවාරිය භුක්ති විඳීමට හැකි වන පරිදි විශේෂ නැරඹුම් කවුළු සහිත වන බැවින් එකම මාර්ගයක ගමන් කරන සාමාන්‍ය දුම්රියවලට සාපේක්ෂව වියදම දෙගුණයකින් පමණ වැඩි වේ.

 

කෙසේ නමුත් තමන් විසින් සිදුකළ දුම්රිය සංචාරයකදී තමන්ට හිමිවූ සේවය ගැන සතුටු නොවූ Saitama ප්‍රාන්තයේ Shiki නගරයේ පදිංචිව සිටි 48 හැවිරිදි පුද්ගලයෙකු විසින් පසුගිය වසරේ මාර්තු සිට නොවැම්බර් දක්වා කාලය තුළ දී නිරීක්ෂණ මැදිරියේ දුම්රිය ආසන වෙන් කිරීමට අවස්ථා 9,313 කදී ක්‍රියා කර ඇති අතර ඔහු ඉන් කරදරකාරී පළිගැනීමක් අපේක්ෂා කර ඇති බව පැවැසේ.

 

ටෝකියෝ මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවට අනුව,ඔහු එවැනි කිසිදු අවස්ථාවක මුදල් ගෙවීමක් සිදුකර නොමැති අතර එම වංචනික වෙන් කිරීම්වලින් 90% පමණ වඩාත් සුන්දර දර්ශන ඇති සහ සාමාන්‍යයෙන් වැඩි කැමැත්තක් දක්වන නිරීක්ෂණ මැදිරි වල ආසන සඳහා වූ වෙන් කිරීම් බව සඳහන් වේ .

 

පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගැනිමෙන් පසුව " තම රැකියාව ගැන තමන් කලකිරී සිටින බවත් දුම්රියේ කොන්දොස්තරවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආකල්පයට තමන් අකමැති වූ බවත් පවසමින්" ඔහු තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිගෙන ඇති බව වාර්තා වේ.

Comments