Okinawa ප්රාන්තයේ දුරස්ථ Irabu දූපතේ Nagayama වරායේ නැංගුරම් ලා තිබූ Shimoji නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් ජුලි 19 වන දින සිදු කළ කාලතුවක්කු පරීක්ෂා කිරීමකදී වැරදීමකින් පෙරවරු 11.10 ට පමණ මිලිමීටර් 20 කාලතුවක්කු උණ්ඩයක් ප්රධාන මාර්ගය අසල ගොඩබිමට එල්ල කර ඇති බව වාර්තා වේ .
Miyakojima වෙරළාරක්ෂක කාර්යාලයට අනුව, ප්රහාරයෙන් කිසිදු පුද්ගල හෝ දේපළ හානියක් සිදුවී නොමැති අතර නෞකාවේ කාලතුවක්කු පරීක්ෂා කිරීමේ ක්රියා පටිපාටිය සුදුසුද නැද්ද යන්න පිළිබඳ විමර්ශනයක් මේ වනවිට ආරම්භ වී තිබේ.
වෙරළාරක්ෂක කාර්යාලය සිදුවීම සම්බන්ධයෙන් කියා සිටියේ "පතොරම් ගොඩ බැස්සේ කොතැනකටද යන්න නිශ්චිතවම අපැහැදිලි වුවද, මුර සංචාරක බෝට්ටුවේ සිට මීටර් 170 ක් පමණ දුරින් පිහිටි මාර්ගය සහ මීටර් 250 ක් පමණ දුරින් පිහිටි තෙල් ටැංකිය දළ වශයෙන් වෙඩි තැබීමේ සීමාව තුළ ඇතැයි විශ්වාස කරන බවත් කාලතුවක්කුව අසල තිබියදී වට අටක Cartridge කොපු සොයාගෙන ඇති බවත් ය".
“දිවයිනේ ප්රධාන මංසන්ධිය වන ප්රාන්ත පාරට ආසන්න වීමත් බොහෝ සංචාරකයින් සහ නවාතැන් ස්ථානවල සේවකයින් දිවා කාලයේ මෙම මාර්ගය භාවිතා කිරීමත් නිසා මෝටර් රථයකට වැදුණානම් එය බරපතළ සිදුවීමක් වෙන්න තිබුණා. එමෙන්ම සිදුවීම හේතුවෙන් සංචාරකයින් මෙන්ම ජනතාව ඉමහත් කනස්සල්ලට පත්ව සිටින බැවින් වෙරළාරක්ෂක අංශයෙන් යළිත් එවැනි තත්ත්වයක් ඇති නොවීමට පියවර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිනවා" යනුවෙන් ප්රාන්ත ආණ්ඩුවේ ආපදා නිවාරණ සහ අර්බුද කළමනාකරණ අංශයේ ප්රධානී Hidenori Ikehara ප්රකාශ කළේය