චීන රැදවුම් භාරයේ සිටියදී අත්අඩංගුවට පත්වූ ජපන් ජාතිකයා  


චීනයේ දී අත්අඩංගුවට පත් ජපන් ජාතිකයා නිදහස් කරන ලෙස චීනයෙන් ඉල්ලුම් කරයි

.

පසුගිය දෙසැම්බර් මාසයේදී චීනයේ රාජ්‍ය නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනාව යටතේ රට තුළ රඳවාගෙන සිටි 50 හැවිරිදි ජපන් ජාතිකයෙකු චීන බලධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව හැකි ඉක්මනින් නිදහස් කරන ලෙස ජපාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Hikariko Ono ජුලි 20 වන බදාදා දින පැවැති මාධ්‍ය හමුවකදී නිවේදනයක් නිකුත් කරමින් චීනයෙන් ඉල්ලා සිටියාය. 

 

"විවිධ මට්ටම් සහ විවිධ අවස්ථාවන් හරහා ඔහු ඉක්මනින් නිදහස් කරන ලෙස අපි දැඩි ලෙස චීන පාර්ශවයෙන් ඉල්ලා සිටිමු. ඔහුව නිදහස් කරගන්නා තුරු අපගේ උත්සාහයන් දිගටම කරගෙන යන්නෙමු" යනුවෙන් ඇය වැඩිදුරටත් පැවැසුවාය.

 

2015 වසරේ සිට ජපානයේ පුරවැසියන් 16 දෙනෙකු ඔත්තු බැලීම ඇතුළු විවිධ චෝදනා යටතේ චීනයේ රඳවාගෙන ඇති අතර අවම වශයෙන් 10 දෙනෙකුට පමණ එරට රජය විසින් අධිචෝදනා ගොනු කර තිබේ. එමෙන්ම නව දෙනෙකුට වසර 3ත් 15ත් අතර සිර දඬුවම් නියම කර ඇති අතර නව අත්අඩංගුවට ගැනීම සඳහා පාදක වූ මූල බීජය කුමක්ද යන්න ජපාන පාර්ශ්වයට පවා අපැහැදිලි වූ කරුණක් බව පැවැසේ.

83 Views

Comments