Ohtani හොඳම මලල ක්‍රීඩකයාට හිමි ESPY සම්මානය දිනා ගනී


Ohtani ESPY සම්මාන දිනාගනී

.

ජපානයේ ප්‍රමුඛ පෙළේ බේස්බෝල් ක්‍රීඩකයකු වන Ohani මෙම වසරේ  පිරිමි ක්‍රීඩා ඉසව් වෙනුවෙන් පිරිනමන ESPY සම්මානය දිනා ගැනීමට සමත් වී තිබේ.

 

ඇමරිකානු ක්‍රීඩා නාලිකාවක් වන  ESPN විසින් 1993 වර්ෂයේදී මෙම ESPY සම්මාන ප්‍රදානය ආරම්භ කළ අතර සෑම වසරකම ජූලි මාසයේදී ඒක පුද්ගල හා කණ්ඩායම් වශයෙන්  ඊට පෙර වර්ෂයේ දී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන්ට සම්මාන පිරිනැමීම සිදුවේ. 

 

ජපානය වෙනුවෙන් මෙම සම්මානය දිනාගනු ලැබූ  ප්‍රථම පිරිමි ක්‍රීඩකයා වීමට Ohtani සමත් වී ඇති අතර  පෙර වර්ෂයේ දී  Osaka Naomi විසින්  කාන්තා අංශයෙන් ජපානය වෙනුවෙන්  ටෙනිස් ක්‍රීඩාව සඳහා මෙම සම්මානය හිමිකර ගන්නා ලදී.

176 Views

Comments