ජපානයේ සහ එක්සත් ජනපදයේ විදේශ හා කර්මාන්ත අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත දෙරටේ පළමු 'two-plus-two' ආර්ථික සංවාදය එළැඹෙන ජූලි 29 වන දින Washington හිදී ආරම්භ වන බව එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු බදාදා සදහන් කළේය.
එක්සත් ජනපදයේ ජනපති Joe Biden සහ ජපාන අගමැති Fumio Kishida අතර පසුගිය ජනවාරි මාසයේදී පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡා වලින් අනතුරුව මෙම ආර්ථික සමුළුව පැවැත්වීමට නායකයින් දෙදෙනා එකඟ වී ඇති අතර චීනයේ වර්ධනය වන ආර්ථික බලය මධ්‍යයේ අර්ධ සන්නායක වැනි ප්‍රධාන අයිතම අඛණ්ඩව ලබා ගැනීම සඳහා ප්‍රත්‍යස්ථ සැපයුම් දාමයන් සංවර්ධනය කිරීම වැනි ආර්ථික සුරක්ෂිතභාවය ඉහළ නැංවීමේ පියවරයන් කෙරෙහි සමුළුවේ අවධානය යොමු කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ ලෙස දක්වා තිබේ .
"COVID-19 වසංගත ව්‍යාප්තිය සහ රුසියාවේ යුක්රේන යුද්ධයෙන් පැන නැගී ඇති සැපයුම් දාම කඩාකප්පල් කිරීම් හේතුවෙන් දෙරටම 'ආර්ථික සුරක්ෂිතභාවය සහ ජාතික ආරක්ෂාව' යන යථාර්ථය සමග මේ වන විට පොරබදමින් සිටින බැවින් මෙවැනි හමුවක් පැවැත්වීම ඉතාමත් කාලෝචිතයි" යනුවෙන් වාණිජ දෙපාර්තමේන්තුවේ ආසියානු නියෝජ්‍ය සහකාර ලේකම් Pamela Phan එක්සත් ජනපද අගනුවර පැවති උත්සවයකදී ප්‍රකාශ කළාය.