මෙවර U.S. Batchelder සම්මානය ජපාන් ලේඛකයකු වන 68 හැවිරිදි Sachiko Kashiwaba විසින් දිනාගෙන ඇති බව ඇමෙරිකානු පුස්තකාල සංගමය නිවේදනය කරයි. අවතාර දැරියකගේ හා ඇයගේ පන්තියේ මිතුරන්ගේ ගිම්හාන නිවාඩුව පිළිබඳවලියැවුණු අත්භූත මනංකල්පිත කතාවක් වන ජපන් බසින් ලියැවුණු "Temple Alley Summer" නම් මෙම කතාව ඇමරිකාවෙන් පිට වෙනත් බසකින් ප්රකාශයට පත් කෙරුණු වඩාත්ම කැපී පෙනෙන පොත මෙය මෙම සම්මානයට පාත්ර වී ඇත .
ජපන් බසින් පළවු මෙම පොතේ මුල් නම "Kimyoji yokocho no natsu"වන අතර එය Kodansha සමාගම විසින් ප්රකාශයට පත් කර තිබේ . එය පසුව Avery Fischer Udagawa විසින් ඉංග්රීසි බසට පරිවර්තනය කර Restless Books ආයතනය විසින් ඇමරිකාව තුළ ප්රකාශයට පත් කර ඇත .