වසර 7 කට පසු පළමු වරට ජපානයේ භාණ්ඩ හා සේවා වල තියුණුම වැඩිවීම සනිටුහන් කෙරේ


අධික උද්ධමනයත් සමඟ ජපානයේ භාණ්ඩ හා සේවා මිල උග්‍ර වේ

.

පසුගිය ජූනි මාසයේදී  ජපානයේ මූලික පාරිභෝගික මිල ගණන් වසර හතක් තුළ ඉහළම අගය වාර්තා කරමින් 2.2 % කින් වර්ධනය වී ඇති බවත් , ජපාන බැංකුවේ නොපැහැදිලි දිගුකාලීන 2% ඉලක්කය අඛණ්ඩව තුන්වන මාසය සදහා ඉහළ ගිය බවත් රජයේ දත්ත සිකුරාදා පෙන්වා දුන්නේය . 

 

ගෝලීය බලශක්ති මිල ඉහළ යාම ස්වභාවික සම්පත් හිඟ ජපානය වැනි රටවල් කෙරෙහි දැඩිව බලපාන අතර ආනයනික බලශක්ති සහ අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ නැංවීම සඳහා දුර්වල යෙන් අගය මගින් ද විශාල කාර්යභාරයක් ඉටු කෙරෙන බව මූලික පාරිභෝගික මිල දර්ශකය මෙලෙස ඉහළ යෑම මගින් පැහැදිලි වී තිබේ .

 

"මිල ඉහල දැමීම් වඩාත් පුලුල් ලෙස පැතිරෙමින් පවතින බැවින් වසර අවසානය වන විට මූලික පාරිභෝගික උද්ධමනය තවදුරටත් වේගවත් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව" Dai-ichi Life Research Institute හි විධායක ලෙස කටයුතු කරන ප්‍රධාන ආර්ථික විද්‍යාඥයෙකු වූ Hideo Kumano මෙහිදී සදහන් කළේය. 

 

" ආහාර වැනි එදිනෙදා භාණ්ඩවල මිල ඉහළ යාම පිළිබඳව ජපාන පාරිභෝගිකයින් වැඩි වැඩියෙන් දැනුවත් වී ඇත. දැනට පවතින වැටුප් වර්ධන වේගය සීග්‍ර උද්ධමනය සමඟ නොගැලපේ. මුදල් ලිහිල් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම COVID-19 හේතුවෙන් බිඳ වැටුණු ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට සහාය වීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කළ යුතුමය " යනුවෙන් BOJ හි ආණ්ඩුකාර Haruhiko Kuroda බ්‍රහස්පතින්දා පැවැති ප්‍රතිපත්ති රැස්වීමකින් පසුව රට තුළ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වමින් ප්‍රකාශ කළේය.

120 Views

Comments