ඉන්දුනීසියානු ජනාධිපතිවරයාගේ ජපාන සංචාරය


ඉන්දුනීසියානු ජනාධිපති සංචාරයක් සඳහා ජපානයට පැමිනේ

.

ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodo එළැඹෙන බදාදා දින ජපානයට පැමිණ අගමැති Fumio Kishida සමඟ ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත් අනතුරුව Naruhito අධිරාජ්‍යයා හමුවීමටත් නියමිතව ඇති බව ප්‍රධාන කැබිනට් ලේකම් Hirokazu Matsuno පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේය. 

 

"නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සාක්ෂාත් කර ගැනීමට උපකාරී කිරීම සඳහා මෙන්ම දෙරට අතර සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා අපි ජනාධිපති Widodo සමඟ සමීපව කටයුතු කරන්නෙමු" යනුවෙන් Matsuno මෙහිදී කියා සිටියේය .

 

අප්‍රේල් මස අගදී Jakarta අසල Bogor හිදී Widodo සහ Kishida අවසන් වරට හමුවී සාකච්ඡා පවත්වා ඇති අතර කලාපය තුළ චීනයේ වැඩිවෙමින් පවතින ඒක පාර්ශ්වික බලපෑම මධ්‍යයේ ජපානය විසින් ප්‍රවර්ධනය කරන ලද " නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපය" සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගීතාව වේගවත් කරන බවට ජාතීන් දෙකකට අයත් නායකයින් දෙදෙනාම සිය එකඟත්වය පළ කර ඇති බව සඳහන් වේ .

159 Views

Comments