මාස 2ක පුංචි පුතු අධි ශීතකරණයේ තැබූ පුද්ගලයෙකුට Osaka උසාවිය දඩ නියම කරයි


ළදරු පුතා ශීතකරණයක් තුල තැබූ පුද්ගලයකුට උසාවියෙන් දඬුවම් ලැබේ

.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී නිරිතදිග ජපානයේ Fukuoka ප්‍රාන්තයේ පිහිටි හෝටලයක අමුත්තන්ගේ කාමරය තුළදී මාස දෙකක් වයසැති සිය පුතු "පින්තූර ගැනීම සඳහා කෙටි කාලයකට පමණක්" ශීතකරණයක් තුළට දැමූ බවට සැකකෙරෙන Tatsuji Nishioka නම් 43 හැවිරිදි දරුවාගේ පියා එම අපරාධයට වරදකරුවෙකු බව  දිස්ත්‍රික් අධිකරණය විසින් ජුලි 25 වන සඳුදා දින පිළිගෙන තිබූ අතර වරදට දඬුවම් වශයෙන් ඔහුට යෙන් 300,000 ක දඩ මුදලක් නියම කෙරිණි .

 

" මෙතරම් කුඩා දරුවන්ට ශරීර උෂ්ණත්වය නියාමනය කිරීමට හැකියාවක් නොමැති බවත් ඔහුගේ ක්‍රියාකලාපය හේතුවෙන් බිළිදා Frostbite සහ Hypothermia යන රෝගවලට ගොදුරු විය හැකිව තිබූ බවත්" පවසමින් උසාවියේ විනිසුරු Yuko Okubo සැකකරුගේ ක්‍රියාවන් ආරක්ෂා කිරීම "අසාධාරණ" ලෙස ප්‍රතික්ෂේප කළේය. 

 

අධිශීතකරණය ඍණ 18 C ක තරම් පහත් වූ උෂ්ණත්වයක ක්‍රියාත්මක වූ බවත්, දරුවා ළදරු බ්ලැන්කට්ටුවකින් පමණක් ආවරණ කර තිබූ බවත් නඩු පවරන්නන් මෙහිදී අවධාරණය කළහ .

 

එම සිදුවීමෙන් පසුව ළදරුවා පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ළමා සුබසාධන මධ්‍යස්ථානයක තාවකාලිකව භාරයට පත් වූ අතර Osaka ප්‍රාන්ත පොලිසියට අනුව, දරුවා මීට පෙරදීත් අපයෝජනයට ලක් කළ බවට පෙනෙන සාක්ෂි රාශියක් ඔහුගේ ස්මාර්ට් ජංගම දුරකතනයෙන් සහ ලැප්ටොප් පරිගණකයේ තිබී හමුවී තිබේ.

119 Views

Comments