බලහත්කාරයෙන් නිවසකට ඇතුළුවී ගෙහිමියා මරා දැමූ  සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනේ


නිවසකට ඇතුළු වී එහි අයිතිකරු මරා දැමූ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට පත්වේ

.

පසුගිය වසරේ සැප්තැම්බර් 1 වැනි දින උදෑසන 9 ට පමණ Saitama ප්‍රාන්තයේ Saoka ප්‍රදේශයේ පිහිටා ඇති නිවසකට කඩා වැදී 65 හැවිරිදි ගෙහිමියාගේ හිසට සහ සිරුරට පොල්ලකින් කිහිප වරක් පහර දී ඔහුගේ ඔරලෝසුව ඇතුළු යෙන් 146,500 ක් පමණ වටිනා භාණ්ඩ 10 සොරකම් කළ බවට සැකපිට එම ප්‍රදේශයේම ජීවත් වන රැකියා විරහිත පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 

 

සැකකරුවන් එම පුද්ගලයාගේ නිවසට ඇතුළු වන විට, සමාජිකයින් පස් දෙනෙකු වාසය කරන නිවසේ ඔහු තනිව නිදා සිට ඇති බවත් 28 හැවිරිදි Tomoaki Nomura සහ 24 හැවිරිදි Yuki Takeuchi යන සැකකරුවන් දෙදෙනා විසින් වින්දිතයා අවදි කර ඔහුට දිගින් දිගටම පහර දී ඇති බවත් පොලීසිය සඳහන් කළේය. 

 

පිටතට ගිය ඔහුගේ බිරිඳ නිවසට පැමිණි විට තුවාල ලබා සිටි තම ස්වාමියා දැක ඇති අතර  “ ඔහු ලේ වලින් වැසී ඇත” යනුවෙන් පවසමින් පොලීසියට ඇමතුමක් ලබාදී සිදුවීම පිළිබඳව දැනුවත් කර ඇත.

 

පසුකාලීනව සිදු කරන ලද විමර්ශන කටයුතු වලදී සැකකරුවන් දෙදෙනා වින්දිතයාගේ නිවසට ඇතුළුවන ආකාරය එම පරිශ්‍රයේ තිබූ ආරක්ෂිත කැමරා දර්ශනවල සටහන් තිබියදී සොයාගැනීමට නිලධාරීන්ට හැකිව තිබූ අතර ඒ අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ .

125 Views

Comments