පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව ජූනි මාසයේදී රටේ කාර්මික නිෂ්පාදිතය 8.9% අගයකින් ඉහළ ගොස් ඇති බව රජයේ දත්ත වාර්තා සිකුරාදා පෙන්වා දී තිබේ.
කර්මාන්තශාලා සහ පතල්වල සෘතුමය ලෙස සකස් කරන ලද නිෂ්පාදන දර්ශකයේ 2015 පදනමට සාපේක්ෂව ජුනි මාසයේ නැග්ම 95.8 % ක් ලෙස සටහන් වූ බව ආර්ථික, වෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශය මෙහිදී ප්‍රකාශ කළේය.
රට තුළ විසිර සිටින නිෂ්පාදකයින් ඉලක්ක කර ගනිමින් සිදු කරන ලද මත විමසුමකට අනුව සමස්ත නිෂ්පාදිතය, ජූලි මාසයේදී 3.8 % කින් සහ එළැඹෙන අගෝස්තු මාසයේදී 6.0 % කින් වර්ධනය වනු ඇතැයි පැවැසේ .