ඉහළ යමින් පවතින උද්ධමනයට සමගාමීව සේවක වැටුප් වැඩි කරන ලෙස ව්‍යාපාර වලින් ඉල්ලා සිටි ජපානය


උද්ධමනය හමුවේ සේවක වැටුප් වැඩි කරන ලෙස වැඩිකරන කරන ලෙස ජපාන රජය ආයතනවලින් ඉල්ලා සිටී

.

ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය අවධමනය වෙතින් පිටවීම සම්පූර්ණ කළ හැකි වන පරිදි ජපාන මහ බැංකුව විසින් උද්ධමන ඉලක්කය ලෙස තබා ඇති 2% මට්ටම පවත්වාගෙන යාම වෙනුවෙන් සිදුකෙරෙන මිල ඉහළ දැමීම්වලට සමගාමීව සේවක මණ්ඩලයට ගෙවනු ලබන වැටුප් ප්‍රමාණය වැඩි කරන ලෙස ජපාන රජය සිකුරාදා දින රටේ සියලු සමාගම්වලින් ඉල්ලා සිටි බව වාර්තා වේ .

 

යුක්‍රේනයට එරෙහිව ක්‍රියාත්මක වන රුසියානු යුද්ධයේ බලපෑම නිසා අඛණ්‌ඩව ඉහළ යමින් පවතින උද්ධමනය හේතුවෙන් ප්‍රබල ආර්ථිකයක් හිමි ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය සහ අනෙකුත් රටවල් රාශියක් පීඩා විඳිමින් සිටින මොහාතක, 2% පමණ තිරසාර සහ ස්ථායී මිල වැඩිවීම් සහ ඊට අනුරූප වැටුප් වර්ධන අනුපාත ඇතුළත් නව පද්ධතියකට මාරු වීමේ අවශ්‍යතාවය මගින් රට එකතැන පල්වීම වළක්වන බව ජපාන ආර්ථිකය සහ රාජ්‍ය මූල්‍ය පිළිබඳ වාර්ෂික වාර්තාවේ අවධාරණය කර තිබේ .

 

"ආර්ථිකය අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර මිල ඉහළ යාමේ අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක නොපවතින බැවින්, මන්දගාමී වර්ධනයක් සහ ඉහළ උද්ධමනයක් විරැකියාව සමඟ මිශ්‍ර වී ඇත. අවධමනයෙන් රට ගොඩ ඒමට නම්, මිල වැඩිවීම් හා ශ්‍රම ඵලදායිතාවයේ වර්ධනයට අනුකූලව නාමික වැටුප් වැඩිවීම අත්‍යවශ්‍ය වේ" යනුවෙන් එම පත්‍රිකාවේ වැඩිදුරටත් දක්වා ඇත .  

 

"ජපානයේ මිල ඉහළ යාමේ වේගය මෑත අතීතයට වඩා වැඩි නමුත් එයට මූලික වශයෙන් හේතු වී ඇත්තේ බොරතෙල් මිල මත පදනම් වූ ආනයන මිල ඉහළ යාමයි. නමුත් ජපානය තවමත් දිගුකාලීන අවධමනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී නොමැත" යනුවෙන් මෙහිදී වාර්තාකරුවන්ට කරුණු දක්වමින් රජයේ නිලධාරියෙකු සඳහන් කළේය .

149 Views

Comments