ඊසානදිග ජපානයේ Sendai නගරය තුළ පිහිටා ඇති Osaka-Ohsho සමාගමට අයත් චීන ආහාර දාමයක් සහිත ජපාන අවන්හලක එළිමහන් ප්‍රදේශය තුළ බළලෙකු ඇති දැඩි කරන බවත්, එහි ඇතුළත ප්‍රදේශය තුළ හම්බෙල්ලන් සිටින බවත් පවසමින් සනීපාරක්ෂක නීති කඩ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ චෝදනාවලින් පසුව Franchise ක්‍රියාකරුවෙකු වූ අදාළ සමාගම සිය වරද ජූලි 27 දින පිළිගෙන ඇති බව වාර්තා වේ.
පසුගිය ජූලි 24 වන දින සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද ප්‍රකාශයකින් අනතුරුව මේ පිලිබදව දැනුවත් වූ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය මධ්‍යස්ථානයේ නිලධාරීන් පැමිණ ආපනශාලාව පරීක්ෂා කර ඇති අතර පරීක්ෂණ කටයුතු වලදී හම්බෙල්ලන් හමු නොවූ නමුත් , ව්‍යාපාරය විසින් මහජන සෞඛ්‍ය මධ්‍යස්ථානය වෙත ලබාදුන් වාර්තාවට අනුව පොළොව තෙත් වූ විට එහි ඇතුලට හම්බෙල්ලන් පැමිණෙන බවට හෙළිවී තිබේ .
එමෙන්ම වැඩිදුර සිදුකරන ලද පර්යේෂණ වලදී 2019 ඔක්තෝම්බර් සහ 2022 ජූනි අතර කාල සීමාව තුළ ආපනශාලාවේ එළිමහන් ප්‍රදේශයේ බළලෙකු ඇති දැඩි කළ බවට අනාවරණය වී ඇති අතර ආපනශාලාවට ඇතුල් වන ස්ථානයේ තිර දොරක් සවි කරන ලෙසත් සතුන් ළඟ තබා ගැනීමෙන් වළකින ලෙසත් මහජන සෞඛ්‍ය මධ්‍යස්ථානය විසින් අවන්හලට උපදෙස් ලබා දුන් බව Osaka Ohsho Co. මෙහිදී සදහන් කළේය.
"අපි නැවත මෙවැනි වරදක් සිදුවීම වැලැක්වීම සඳහා සවිස්තරාත්මක පියවර ගන්නෙමු. ඒ සමඟම හම්බෙල්ලන් සමූලඝාතනය මගින් සනීපාරක්ෂක කළමනාකරණයේ සහ කෘමි උවදුර වැළැක්වීමේ පියවර ශක්තිමත් කරන්නෙමු" යනුවෙන් සමාගම තවදුරටත් පැවැසීය .