KDDI ජාලය සමාව අයැදීම සඳහා ඩොලර් මිලියන 1.50 සිට 35.89 දක්වා ගෙවයි.


KDDI දුරකථන ජාලය පාරිභෝගිකයින්ට වන්දි ගෙවීමට සැරසෙයි

.

ජපන් ටෙලිකොම් සමාගමක් වන KDDI සමාගමේ, "au" ජංගම දුරකථන සේවාවේ ක්‍රියාකරු නිවේදනය කළේ ජූලි 2 දා සිදු වූ මහා පරිමාණ ජාල ඇනහිටීමක් සඳහා සමාව අයැදීම සඳහා ජංගම දුරකථන සහ ස්මාර්ට්ෆෝන් ග්‍රාහකයින් මිලියන 35.89 කට යෙන් 200 ගෙවන බවයි.

 

මීට අමතරව, පැය 24ක් හෝ ඊට වැඩි කාලයක් කිසිදු සේවාවක් භාවිතා කළ නොහැකි වූ පාරිභෝගිකයන් මිලියන 2.71කට දින දෙකක වටිනාකමට සමාන මුදලක් ගෙවන බවද KDDI පවසා සිටියේය. එලෙසම KDDI ඇස්තමේන්තු කළේ එදිනම අනාවරණය වූ අප්‍රේල් සහ ජූනි අතර කාර්තුමය ප්‍රතිඵලවලදී ,වන්දි සහ මුදල් ආපසු ගෙවීම සඳහා සමාගමට යෙන් බිලියන 7.5 වැය වනු ඇති බවයි.

 

මේ අතර KDDI සභාපති Makoto Takahashi ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා සිටියේ මිලියන 30.91 කට අධික පරිශීලකයින් ජාල ඇනහිටීමෙන් පීඩාවට පත්ව ඇති බවත්, එම බාධා පැය 61 ක පමණ කාලයක් පැවති බවත්ය.

137 Views

Comments