පොලීසියේ රාජකාරියට බාධා කළ අගනුවර පුරවැසියා අත්අඩංගුවට ගැනේ


පොලිසියේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට පත්වෙයි

.

පසුගිය අප්‍රේල් 15 සිට ජූලි 17 දක්වා වූ කාලය තුළදී Ueno පොලිස් ස්ථානයට කරදරකාරී දුරකථන ඇමතුම් 911 ක් ලබා දුන් බවට පැවසෙන Hidetoshi Tanabe නම් 51 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු "පොලිසියේ රාජකාරියට බාධා කිරිමේ " චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 

 

ඔහුගේ ස්ථාවර දුරකථනය සහ ජංගම දුරකථනය මේ සදහා ඔහු විසින් යොදාගෙන ඇති අතර පොලිසියට අනුව, ඔහුගෙන් ලද සමහරක් ඇමතුම් නිශ්ශබ්ද ඒවා වූ අතර තමා විසින් යමෙකු මරා දැමූ බවත් ආපසු හැරී එන බවත් පවසමින් අනෙක් ඇමතුම් ලැබී තිබේ. පසුව ඔහු නැවත කතා කර විටෙක ඔහු බොරු කීවා යැයි පවසන බවත් තමා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිත කරන බව පවසා පොලිසියට පැමිණ තමා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් පොලීසිය මෙහිදී කියා සිටියේය .

 

එක් වරෙක ඔහු දිනක් තුළදී ඇමතුම් 72 ක් ලබා දී ඇති අතර "තමන් කලකට පෙර කළ විමසීමකදී පොලිස් ස්ථානය දැක්වූ ප්‍රතිචාරය  පිළිබඳව ඇතිවූ නොසතුට, මෙලෙස කරදරකාරී ඇමතුම් ලබා දීමට හේතුවක් වූ බව" අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහු පොලිසියට පවසා තිබේ .

96 Views

Comments