ජපානයේ ප්‍රථම "රහසිගත" බිලින්දා..


ගිනිකොනදිග ජපානයේ ජිකෙයි රෝහල මගින් එහි බිළිඳු උපත් ලියාපදිංචි ඒකකය වෙත..

.

ගිනිකොනදිග ජපානයේ ජිකෙයි රෝහල මගින් එහි බිළිඳු උපත් ලියාපදිංචි ඒකකය වෙත පසුගිය දෙසැම්බර් මස උපත ලැබූ බිළිඳෙකුගේ ලියාපදිංචිය ඔහුගේ  මවගේ නම රහිතව භාර දීමට සූදානම් වන බව පැවසේ. නාගරික පාලන අධිකාරිය විසින් එම ඉල්ලුම්පත පිළි ගනු ලැබුවහොත් ජපානය තුල ලියා පදිංචි වූ පළමු රහසිගත උපත මෙය වන බව පැවසේ.

වර්ෂ 2019 දෙසැම්බර් මසදී ජිකෙයි රෝහලේ විසින් බාල වයස්කාර මව්වරුන්ගේ අනන්‍යතාවය හෙළි නොවන පරිදි ළමා උපත් සිදු කිරීම සම්බන්ධව ප්‍රාන්ත පාලන අධිකාරියට යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. එහි අරමුණ වූයේ රෝහල්ගත වීමකින් තොරව  සිදු වන බිළිඳු පත් අවම කිරීම සහ ළමා උපත් මරණ අවම කිරීමයි. මෙම ක්‍රමය මගින් බාල වයස්කාර මව්වරුන් ට පවා තම දරු උපත වෙනුවෙන් රෝහල්ගත විය හැකි අතර ඇයගේ අනන්‍යතාවය රහසක් ලෙස සුරැකේ. කෙසේ වෙතත් ජපාන ව්‍යවස්ථාව අනුව මෙවැනි රහසිගත උපත් අනුමත කර නොමැති අතර මානුෂීය හේතූන් මත ප්‍රාන්ත පාලන අධිකාරිය විසින් මෙය සලකා බලනු ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.

Comments